කවුරු නායකයා වුණත් කමක් නැහැ පසුපස හඹා ගොස් පහර දෙනවා - ඊශ්‍රායලය යකා නටයි
ඉරානයේ උත්තරීත්තර නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු එම ධුරයට පත්වන මීළග අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ වගකීම පැවරුණු විශේෂඥ මණ්ඩලය විසින් නව නායකයා තෝරාගෙන ඇත.
ඒ අනුව ඔහුගේ නම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඉරාන විශේෂඥ සභාව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අංශ යළිත් අනතුරු අඟවා ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු පත්වන සෑම අනුප්‍රාප්තිකයෙකුම පසුපස හඹා ගොස් ඉලක්ක කරන බවයි.
එමෙන්ම ඉරාන ඉස්ලාමීය ජනරජයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීම සඳහා වගකීම දැරූ විශේෂඥ මණ්ඩලයේ සාමාජිකයින් ද තම ඉලක්ක ලැයිස්තුවේ සිටින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මේ අතර, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී අලි ලාරිජානි පවසන්නේ ටෙහෙරානය කිසිසේත් යටත් නොවන අතර සිය ප්‍රතිප්‍රහාර ද නතර නොකරන බවයි.
එමෙන්ම, අයතුල්ලා අලි කමේනි ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් වගකිව යුතු බව පවසන අලි ලාරිජානි අමෙරිකාව මේ සඳහා ”වන්දි ගෙවිය යුතු” බව ද පවසනවා. මෙවන් පසුබිමක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වන්නේ එරට ක්‍රියාකාරී හමුදාව හෝ බලයේ සිටින සියලු නායකත්වය මුලිනුපුටා දැමීමෙන් පසුව බවයි.