උද්ධමනය ඉහළට - නොවැම්බර් මස සිදුවූ වෙනස..
By Sewvandhi
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බවයි.
ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ සියයට 2.8ක් ලෙසටය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 1ක් ලෙස සටහන් විය.
මේ අතර ඔක්තෝබර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට -2.2ක් දක්වා ඉහළගොස් ඇත.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, ආහාර නොවන උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසයේදී සියයට 6.3ක් ලෙස පැවති අතර එය නොවැම්බර් මාසයේදී සියයට 7.1ක් දක්වා ඉහළගොස් ඇති බවයි.