ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භූතාන රජු අතර සාකච්ඡා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භූතාන රජු අතර පුළුල් සාකච්ඡා වටයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
එම සාකච්ඡා වටය පවත්වා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භූතාන සංචාරයට සමගාමීව වේ .
එහිදී ඔවුන් ඔවුන් සාකච්ඡාවට ළක්කර ඇත්තේ බලශක්තිය, ධාරිතා වර්ධනය, සන්නිවේදනය, තාක්ෂණය, ආරක්ෂක වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳවයි.
තවද නියෝජිත මට්ටමේ සාකච්ඡාවලින් පසුව, නායකයින් දෙදෙනා එක්වී ඉන්දියාව සහ භූතානය එක්ව සංවර්ධනය කරන ලද ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සංචාරයත් සමග ඉන්දියාව සහ භූතානය අතර සබඳතා ඉහළ යමින් පවතින බවයි