මෙම කාන්තාව කොතනකදී හෝ දැක්කොත් CID යට කියන්න. - දුරකථන අංක මෙන්න. - (PHOTO)
By Wayomi
ව්‍යාජ නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් මහධිකරණය මගහරිමින් සැඟව සිටින වරෙන්තු කාරියක අත්අඩංගුවට CID යමහජන සහය පතනවා.
මෙම සැකකාරිය ඇය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දෙමින් සැඟව සිටින අතර දම්පේ සිමිගොඩ පදිංචි ජාතික හැදුනුම්පත් අංක (696641439 ඩ) දරණ කුඹලාතර ආරච්චිගේ ගීතානි ධම්මිකා (54) නමැති මෙම සැකකාරි හදුන් ශ්‍රියාලතා සිල්වා නමැති ව්‍යාජ නමකින් ජාතික හැදුනම්පත් අංක (718262925 ඩ) දරණ අංක 211 කළුතර නාගොඩ පාරේ ලිපියක පදිංචි බවට ව්‍යාජ තොරතුරු පොලිසියට ලබා දී තිබෙනවා.
ඒ, අනුව පහත ඡායාරූපයේ සිටින සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් (0112- 326670) ව්‍යාජ මුදල් කාර්යාංශයේ පොදු දුරකතනය, ස්ථානාධිපති ව්‍යාජ මුදල් කාර්යාංශය (0718-594901) දරණ අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.