අනුරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ අනාගතය IMF එකෙන් විශේෂ නිවේදනයක්.

Anura Kumara Dissanayaka IMF Sri Lanka
By Wayomi Sep 25, 2024 08:37 AM GMT
Wayomi

Wayomi

Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ සියල්ලන් ඇතුළත් වන වර්ධනයේ අනාගතයක් සුරක්ෂිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ඉවහල් වනු ඇති බවට තමාට විශ්වාසයක් පවතින බවයි.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගත් එම විශිෂ්ඨ සබඳතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉතා අගය කොට සලකන බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා නව ජනාධිපතිවරයා වෙත සුබපැතුම් ලිපියක් යවමින් සඳහන් කළා.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථීර හවුල්කරුවෙකු ලෙස පවතින බවත්, දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා සහය වීමට සූදානම් බවත් ඇය සහතික කළාය.

එමෙන්ම ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදවලින් එකකට ඇතුළු වූ දා සිට ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත ගොඩ නැගීම සඳහා අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට IMF අපේක්ෂා කරන බව ද ඇය පවසනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.


මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවයක් ගැඹුරු කිරීමට තමන් අපේක්ෂා කරන බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සඳහන් කරනවා.

ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)

ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)


Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%