වගා හානි වන්දි ගැන ඇහෙන සුබ පණිවුඩය
2024/2025 මහ කන්නයේ වගා හානි වන්දි වශයෙන් මෙම වසරේදී රුපියල් මිලියන 1,484ක් ගෙවා අවසන් බව ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව මණ්ඩලය නිකුත් කළ නිවේදනයෙහි මේ යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගාකර තිබූ ඉඩම් අක්කර 87,690 ක් වෙනුවෙන් ගොවීන් 74,958 කට මෙසේ වන්දි ලබා දී ඇති බව දැක්වේ.
එසේම නියඟය, ගංවතුර සහ වන අලි උවදුරු නිසා සිදුවූ හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව මෙලෙස වන්දි පිරිනමා ඇති බව සඳහන්.
මේ අතර ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කටයුතු සඳහා යොමු කිරීමේ පරමාර්ථය මත නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ මෙම වගා හානි වන්දි පිරිනමා තිබෙන බවයි.
