තත්ත්වය නරකයි - 1983 අවුරුද්දෙන් පස්සේ වැඩිම තෙල් මිල මෙන්න

Report

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් දාමයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා තෙල් මිල ඉතිහාසයේ වාර්තාගත ඉහළම සතිපතා වර්ධනය සනිටුහන් කර ඇත.

ඒ අනුව,ආර්ථික වාර්තා පෙන්වා දෙන්නේ West Texas Intermediate (WTI) බැරලයක මිල 12.21%කින් ඉහළ ගොස් ඩොලර් 90.90ක් ලෙස සටහන් වූ අතර, මෙය 1983 වසරේ සිට අදාළ කොන්ත්‍රාත්තු ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සතිපතා මිල ඉහළ යාම (35.63%) බවයි.

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

එමෙන්ම, Brent (බ්‍රෙන්ට්) බැරලයක මිල 8.52%කින් ඉහළ ගොස් ඩොලර් 92.69ක් ලෙස සටහන් වූ අතර, මෙය 2020 අප්‍රේල් මාසයෙන් පසු එම වෙළඳපොළේ වාර්තා වූ ඉහළම සතිපතා වර්ධනය (ආසන්න වශයෙන් 28%) බවත් තත්ත්වය තවදුරටත් බරපතළ වුවහොත් ගෝලීය ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය හැකි බව කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) සඳහන් කරයි.

තෙල් නෞකාවලට හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකි වුවහොත්, ඉදිරි සති කිහිපය තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එය "ලෝක ආර්ථිකයන් කඩා වැටීමට" හේතු විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඇමෙරිකානු බුද්ධි අංශයේ රහසිගත වාර්තාවක් එළියට - ඉරානය පරාජය කරන්න බැරි බව හෙළිවෙයි

ඇමෙරිකානු බුද්ධි අංශයේ රහසිගත වාර්තාවක් එළියට - ඉරානය පරාජය කරන්න බැරි බව හෙළිවෙයි