ගෑස් සිලින්ඩරය වෙනස් වෙයි..පාවිච්චි කරන අය දැඩි අවධානයෙන් සිටින්න.

By Aruna Feb 20, 2023 11:46 PM GMT
Report

ලාෆ්ස් ගෑස් සිලින්ඩර තොගයක් වර්ණය වෙනස් කර ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම ගෑස් ලොරිය පොලිස් භාරයට ගෙන ඇත්තේ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ අද පෙරවරුවේ සිදුකළ පරීක්ෂාවකදීය.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ කහ පැහැති ලාෆ්ස් ගෑස් සිලින්ඩර නිල් වර්ණය ආලේප කර ඇති බවය.

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම සිලින්ඩර ලිට්‍රෝ වෙළෙඳ නාමය යටතේ අලෙවිකර ඇති බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now