ගෑස් මිල වෙනස් වීම ගැන දැනුම්දීමක්..
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කර සිටිනවා.
මෙම මිල සංශෝධනය මිල සූත්‍රයට අනුව සිදුකරන බවයි එම සාමාගම පැවසුවේ.
ඒ අනුව, හෙට (04) දින මෙම සංශෝධනය සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මේ වසරේ මේ දක්වා අඛණ්ඩව මිල සංශෝධනය කිරීම් හතරක් ප්‍රකාශයට පත් කළා.
කෙසේ වෙතත්, පසුගිය මාසයේ මිල සංශෝධනයෙන් පසුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 2,892 ක් වූ අතර කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රු. 1,198 ක් විය.
මේ අනුව හෙට දිනයේ සිදුවන්නට නියමිත ගෑස් මිල සංශෝධනයත් සමග බොහෝ විට ගෑස් මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බවටයි වාර්තා වන්නේ.