ගෑස් මිල ගණන් අද සංශෝධනය කරයි..සභාපති ගෙන් දැනුම්දීමක්..

Report

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සිලින්ඩර මිල අද සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ ඉඟි කළේ, ගෝලීය වශයෙන් ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ මාසයේ ඉහළ යාමට ඉඩ ඇති බවයි.

සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම මිල වැඩිවීම දේශීය වෙළෙඳපොළට ද බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් සඳහා නව මිල අද ප්‍රකාශයට පත් කරන බවයි.

ගෑස් මිල සූත්‍රය මත පදනම්ව ලිට්‍රෝ ගෑස් මිල මාසිකව සංශෝධනය කෙරේ.