ඉතිහාසයේ වැඩිම ගෑස් අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ..විශාල ප්‍රමාණයකින් පහළට..

Report

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල අද (04 දා) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 1000කින් පමණ අඩු කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (03 දා) ප්‍රකාශ කළා.

මෙය ඉතිහාසයේ වැඩිම ගෑස් මිල අඩුකිරීම වන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 2.5 ඇතුළු ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳව අද නිල වශයෙන් දැනුවත් කරන බව ද ඒ මහතා පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඩුවීම, රුපියල ශක්තිමත්වීම, උද්ධමනය අඩුවීම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන මිල අඩු කිරීම සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now