ගෑස් මිල අඩුකරයි?.. කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 2000 ත් 3000 ත් අතර මිලකට..

Sri Lanka Litro Gas Liquefied Petroleum Gas Litro Gas Price Laugfs Gas Price
By Aruna Oct 25, 2022 12:24 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල උච්චාවචනය වන ආකාරයට නොවැම්බර් 1 දා සිට මෙරට ගෑස් මිල අඩු වීමට හෝ නොවෙනස්ව පැවැතීමට බොහෝදුරට ඉඩ ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

දැනට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඇමරිකන් ඩොලර් දෙක තුනක් අඩුවෙන් පවතින බවත් එය ඒ ආකාරයෙන්ම පැවැතියහොත් මෙරට ගෑස් මිල යම් මුදලකින් අඩුකිරීමේ හැකියාව ඇති බවත් ඔහු කීය.

තමා සභාපති ධුරයට පැමිණි පසු තුන්වතාවක් ගෑස් මිල අඩු කළ බවත් තමාගේ අපේක්‍ෂාව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 2000 ත් 3000 ත් අතර මිලකට අලෙවි කිරීම බවත් හෙතෙම කීවේය.

ගෑස් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් එනම් රුපියල් කෝටි 26ක් ලැබුණු බව පැවසූ ලිට්‍රෝ සභාපතිවරයා එම ණයෙන් කෝටි 6.5ක් සැප්තැම්බර් මාසයේ දී ගෙවූ බවත් තවත් කෝටි 7.5 ක් මේ මාසයේ දී ගෙවූ බවත් කියා සිටියේය.

ගෑස් ගෙන ඒම සඳහා ලබාගත් රුපියල් කෝටි 26 මේ වසර අවසන් වීමට පෙර මහ බැංකුවට ගෙවා දැමීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280ක් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha