ඉන්ධන මිල ඉහළ ගිය ද සියලුම ඉන්ධන වර්ග අඩුවට ගන්න පුළුවන් තැනක් ගැන දැනුම්දීමක්..

Report

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 368ක් ලෙසටයි.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 360ක් ලෙසයි.

මේ අතර සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456ක්.

එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක්.

මේ අනුව, රජයේ ඉන්ධන පිරවුම් හල් වල  ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල වැඩි කළ මිලට වඩා සයිනොපෙක් ඉන්ධන පිරවුම්හල් වලින් අඩු මිලට ඉන්ධන ලබා ගත හැකිවේ.

Sponsored By Sarrita Jewellery

ඉන්ධන මිල ඉහළ ගිය ද සියලුම ඉන්ධන වර්ග අඩුවට ගන්න පුළුවන් තැනක් ගැන දැනුම්දීමක්.. | Fuel Prices More