ඉන්ධන සම්බන්ධයෙන් රටටම සතුටුදායක ආරංචියක්..මිල අඩුකරයි?
මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ඉන්ධන පිරවුම්හල් 150ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන චීනයේ සිනොපෙක් සමාගම අවධාරණය කරනවා.
මේ අනුව, ලබන වසරේ මැද භාගයේදී නව ඉන්ධන පිරවුම්හල් පනහක්ද රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.
ඒ අනුව දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිත සිනොපෙක් පිරවුම්හල් සංඛ්‍යාව 200ක්. අදාළ ඉන්ධන පිරවුම් හල් සඳහා වසර 20ක බලපත්‍රයක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.
පසුගිය අගොස්තු මස 31 වනදා චීනයේ සිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව - මත්තේගොඩ ප්‍රදේශයේ දී ආරම්භ කළා.
මෙලෙස එම සමාගමට ලබා දී තිබුණේ, වසර ගණනාවක්ම ඛනිජ තෙල් සංස්ථාව යටතේ ශ්‍රී ලාංකිකයකු සතු වූ ඉන්ධන පිරවුම්හලක්.
මෙම ඉන්ධන පිරවුම්හල සිනොපෙක් ලෙසින් මාරුවීමත් සමඟ ඉන්ධන හලේ පැවැති සියලුම වර්ණ සංකේතයන්ද නව සිනොපෙක් ආයතනයට සරිලන පරිදි වෙනස් කෙරුණා.
මෙය චන්දිම නාලක කපුරුගේ මහතා කළමනාකාරිත්වයෙන් පවත්වාගෙන යන බව සඳහන්. එහි ස්ථාපිත කර ඇති ඉන්ධන පොම්ප සංඛ්‍යාව 16ක්. එහි සේවකයෙකු කියා සිටියේ, ඒ හේතුවෙන් තදබදයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකි බවයි.
මෙරට ඉන්ධන බෙදාහැරීම ශක්තිමත්ව සහ තරගකාරීව සිදුකිරීම සිනොපෙක් සමාගමේ අරමුණ වනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත්තේ, සිනොපෙක් පිරවුම්හල්වල ඉන්ධන සඳහා රුපියල් තුනක වට්ටමක් ලබා දීමටයි.
ඒ, මෙරට ඉන්ධන බෙදාහැරීම ශක්තිමත්ව සහ තරගකාරීව සිදුකිරීමට එම සමාගමට අවස්ථාව සලසා දීමේ අරමුණින්.
