වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල් මිලත් සංශෝධනය වෙයි - නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

Report

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල සශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328ක් වේ.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 365ක් ය.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 2කින් අඩු කිරීම හේතුවෙන් නව මිල රුපියල් 308ක් වේ.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කිරීම හේතුවෙන් එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 346ක් ය.

කෙසේවෙතත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236ක් ය.