යළි ඉන්ධන මිල එකවරම ඉහළ යයි..? රට පුරා ඉන්ධන පෝලිම් ඇතිවීමේ අවධානමක්..

Sri Lanka Fuel Price In World Israel-Hamas War Iran-Israel Cold War
By Aruna Apr 20, 2024 07:52 AM GMT
Aruna

Aruna

Report

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද ඉන් බරපතල අවදානම් සහගත තත්වයක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඉන්ධන ගෙන්වීමේදී ශ්‍රී ලංකාව ඉරානය සමඟ සෘජු සබඳතා නොපැවැත්වුවද ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

ඉරානය සිය තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම සිදු කරන්නේ චීනයටයි.

මීට අමතරව ඉරානය ඉන්දියාවට සහ ජපානයටද ඉන්ධන අපනයනය කරන බව පවසන මහාචාර්යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්ධන සැලකිය යුතු ලෙස මිලදී ගන්නා බවද සඳහන් කළා.

වාහන ආනයනය සම්බන්ධයෙන් නව කොන්දේසියක්..

වාහන ආනයනය සම්බන්ධයෙන් නව කොන්දේසියක්..


එසේම ශ්‍රී ලංකාව ඉරානයට ඩොලර් මිලියන 80ක පමණ භාණ්ඩ අපනයනය කරන අතර ඉරානයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක භාණ්ඩ ආනයනය කරන අතර, ඉරානය ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන රටවල් අතර සිටින්නේ 61 වැනි ස්ථානයේයි.

ඊශ්‍රායලය ඉරානයට ඊයේ (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

මධ්‍යම ඉරානයේ ඉස්ෆහන් පළාත ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කෙරිණු මෙම ප්‍රහාරයෙන් ඉරානයේ ආභ්‍යන්තර ගමන්ද තාවකාලිකව අත්හිටුවා ඇත.

එසේම විදෙස් පුවත් වාර්තා සඳහන් කළේ, ඇමරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට විවිධ සම්බාධක පනවා ඇති බවයි.

ඊශ්‍රායලය ලිබියාවේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඉරානය ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ඩ්‍රෝනා සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ කළ අතර, ඊශ්‍රායලය ඉරානයට පෙරේදා ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට එකට එක කිරීමක් ලෙස යැයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මේ තත්වය යටතේ දෙරට අතර ගැටුම් සහ එදිරිවාදිකම් ඉතිරි දිනවල තවදුරටත් වැඩිවිය හැකි බවට දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරයි.

එසේම ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ගැටුම් ලෝක යුද්ධයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්ද පවතින බවයි.

මේ අතර, ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බවට තොරතුරු වාර්තා වුණා.

පසුගිය සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල ද අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙසටයි.

එසේම ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී ඇති බවට වාර්තා වුණා.

මේ අනුව, මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවනවා.

මේ අතර, රට තුළ ඉන්ධන හිගයක් අද දිනයෙන් පසු ඇති වීමේ අවදානමක් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වලට අදාළව පනවා ඇති වැට් බද්ද හේතුවෙන් එම තත්ත්වය ඇති විය හැකි බවයි.

අදාළ වැට් බදු වාරික අද(20) සිට ගෙවීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියා.

මේ හේතුවෙන් ඉතා කුඩා ඉන්ධන පිරවුම් හලක් වුවද වැටි බද්ධ ලෙස ලක්ෂ 10ක අවම මුදලක් ගෙවීමට සිදු වන බවයි කපිල නාඔටුන්න මහතා පැවසුවේ.

13 හැවිරිදි දැරියක් ලිංගික එක්වීමකින් තොරව ගැබ්ගනී.. මෙරටින් වාර්තා වූ අරුම පුදුම සිද්ධිය මෙන්න..

13 හැවිරිදි දැරියක් ලිංගික එක්වීමකින් තොරව ගැබ්ගනී.. මෙරටින් වාර්තා වූ අරුම පුදුම සිද්ධිය මෙන්න..


මේ අතර, එම සංගමය චෝදනා කර සිටින්නේ, සංස්ථාව විසින් සියයට සියයක් ගෙවීමට තිබියදී 97% සංස්ථාව ගෙවා ඉතිරි 3% ක මුදල ඉන්ධන පිරවුම්හල් හිමියව් වෙත පවරා ඇති බවයි.