හෙට සිට රට පුරා ඉන්ධන නැති වෙයි ද ?.. හේතුව මෙන්න..

Report

ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට එනම් හෙට සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර ඇති බවත් එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බවත් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය කියා සිටින්නේ, සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් සියයට 0.25 ක් අයකරන බවත් සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් තවත් සියයට 2.75 ක කොටසක් ලබාගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවයි.

මේ හේතුව නිසා මොවුන් හෙට සිට සේවයෙන් ඉවත්ව විරෝධය පලකළ හොත් රට පුරා ඉන්ධන ප්‍රශ්නයක් ද ඇති වීමට ඉඩ ඇත.