බුරන හඬ අසා සිටීමට නොහැකිව,අසල්වැසි නිවසේ සුනඛයා පණ පිටින් වළ දැමූ කාන්තාව..

By Sewvandhi Mar 10, 2023 03:08 PM GMT
Report

 සුනඛයෙකුගේ බුරන හඬ අසා සිටීමට නොහැකි වූ කාන්තාවක් එම සුනඛයා පණ පිටින් වළ දැමීමේ සිදුවීමක් බ්‍රසීලයෙන් වාර්තා වනවා.

තම අසල්වැසි නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාගේ බුරන හඬ අසා සිටීමට නොහැකි වීම හේතුවෙන් 82 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව සුනඛයා පණ පිටින් වළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුනඛයා වළ දැමීමෙන් අනතුරුව ඒ බව සුනඛයාගේ හිමිකරුට එම කාන්තාව දැනුම් දී තිබෙනවා.

අනතුරුව ඔහු විසින් පැය එක හමාරක පමණ කාලයක් වළ තුල සිටි සුනඛයා බේරාගෙන පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

සුනඛයා පණ පිටින් වළ දැමූ කාන්තාව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now