සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට හානියක් නෑ

Cyber Attack Sinhala news
By Mithu May 29, 2025 03:00 AM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ක්ලෝක් නම් රැන්සම්වෙයාර් කණ්ඩායම විසින් ගිගාබයිට් 617කට වැඩි දත්ත ප්‍රමාණයක් ඩාක් වෙබ් අවකාශයේ පළ කර ඇත. FalconFeeds.io නම් සයිබර් ආරක්ෂණ සමාගම අනාවරණය කළ මෙම සිදුවීම, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම කළමනාකරණයට වගකිව යුතු ප්‍රධාන ආයතනයකට එල්ල වූ බරපතළ ප්‍රහාරයකි.

එළියට යනවනම් අදත් විමසිල්ලෙන්..පලාත් රැසකට වැසි

එළියට යනවනම් අදත් විමසිල්ලෙන්..පලාත් රැසකට වැසි

මෙම ප්‍රහාරය ප්‍රථම වරට සිදුවී ඇත්තේ 2025 අප්‍රේල් මස 2 වන දිනය. එදින දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අවදානමකට ලක්වූ බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි පිළිගෙන ඇත. ඔහු පවසන්නේ එම මොහොතේම ඔවුන් මෙම ප්‍රහාරය අනාවරණය කර ගත් බවත්, ශ්‍රී ලංකා පරිගණක ප්‍රතිචාර අංශය සමඟ එකතු වී සියලු දත්ත 100%කින්ම ආපසු ලබා ගත් බවත්ය.

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

සිය දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්ත හානීවීමක් හෝ විනාශ වීමක් සිදුව නොමැති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

ReeCha