බස් රථ හිමියන්ව මේ ආණ්ඩුවට බයිට් එකට ගන්න දෙන්නෑ, දින 14 න් විසඳුවේ නැත්තම් ඕනෙම දෙයක් කරනවා - සම්පත්

Report

ආණ්ඩුව බස් රථ හිමියන් “බයිට්” එකට අරගෙන ඇතැයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්‍ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ ඊයේ දින (13) කොළඹ දී පැවති බස්නාහිර පළාත් බස් රථ හිමියන්ගේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මෙහිදී ඔහු විසින් “ඉවසුවා ඇති ” යනුවෙන් පවසමින් බස් හිමියන් ජෝකර්ලා බවට පත් කිරීමට ඉඩ නොදෙන බව ද සඳහන් කළා.

තවද බස්නාහිර පළාතට අයත් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බස් හිමියන් ද ඉදිරියේ එකතුව රජයේ අකටයුතුකම්වලට එරෙහිව කටයුතු කරන බව සම්පත් ‍රණසිංහ මහතා මෙහිදී කියා සිටියා.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

එහිදී මාධ්‍යවේදීන් විසින් බලපත්‍ර ළඟ තබාගෙන බස් රථ නොදුවා සිටීම වරදක් නොවන්නේ දැයි විමසා සිටියා.

එහෙත් ඊට සෘජු පිළිතුරක් නොදුන් බස් රථ හිමියන් බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මාස 6ක් ඉක්මවා බස් රථ ධාවනය නොකළ බස් රථ බලපත්‍ර අලුත් නොකිරීම අසාධාරණ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් රණසිංහ මහතා ප්‍රකාශ කළේ,

" ඉවසුවා ඇති තවදුරටත් මේ විදිහට බස්හිමියන් තලා පෙළා දමලා ජෝකරලා බවට පත් කිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මින් ඉදිරියට බස් රථ හිමියන්ව තලා පෙළා කටයුතු කරන්න රජය නියාමන ආයතන වලට ඉඩ ලබා දෙන්නෙත් නැහැ කියන කාරණය පෙරදැරි කරගෙන ආරම්භයක් විදිහට අද දින බස්නාහිර පළාතේ සිටින ප්‍රවාහන අධිකාරීවලට අනුබද්ධිත සියලුම බස් රථ හිමියන් අපේ එකරාශී කරනු ලැබුවා. විශේෂයෙන්ම බස්නාහිර මගේ ප්‍රවාහන අධිකාරිය ඒක මේ වෙනකොට අද හොර ගුහාවක් වෙලා තියෙනවා. කළු කඩයක් බවට පත්වෙලා තියෙනවා බස්නාහිර මගේ ප්‍රවාහන අධිකාරිය ටෙන්ඩර් බලපත්‍ර නිකුත් කරමින් අධික ලෙස මුදල් ඉපැයීමක් සිද්ධ කරනවා නමුත් මේ තුළින් ජනතාවට සිදුවන සේවය කුමක්ද කියලා අපි මගී ප්‍රවාහන අධිකාරියෙන් අහනවා. විශේෂයෙන්ම බස් රථ අධිකාරිය මේ වෙන විට දවස් තුනක් පමණයි බස් රථ මාර්ග බලපත්‍ර අළුත් කිරීම සිදුකරන්නේ.

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

එහෙමනම් අනිත් දවස් දෙක අධිකාරිය වසා දමලද තිබෙන්නේ. ඉදිරියට බස්නාහිර පළාත් සභාවේ අනෙකුත් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කය සම්බන්ධ කර ගනිමින් ඒ බස් රථ හිමියන්ද ඒකරාශී කරගෙන මේ කරන කෙනෙහිලිකම්වලට විරුද්ධව රජයට විරුද්ධව කටයුතු කරන්න අපි තීරණය කළා...අපි බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට කියනවා ප්‍රවාහන අමාත්‍යවරයා පැවසූ විදිහටම අපි බස් හිමියන් බබ්බු නෙමෙයි. ප්‍රවාහන අමාත්‍ය බිමල්ව රත්නායක ගරු ඇමතිතුමා කියනවා බස්හිමියන් බබ්බු නෙමෙයි කියලා. ඔව් ඇමැතිතුමනි අපි බබ්බු නෙමෙයි. ඔබතුමන්ලා කියන කියන පදයට නටන්න අපි බබ්බු නෙමෙයි. අපි පළාත් සභාවට අපේ ප්‍රශ්නාවලිය යොමු කරනවා දින 14ක් ඇතුළත අපිට ඒ සඳහා සාධනීය විසඳුම් ලැබිය යුතුයි. ඒ සාධනීය විසඳුම බස්නාහිර පළාත් සභාවෙන් අපිට ලැබුණේ නැත්නම් ඉදිරියට ගන්නා වූ පියවර අපේ විධායක සභාව සාකච්ඡා කරනවා. ඒ කරන ගන්න ඕන ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න අපි පසුබට වෙන්නේ නෑ කියලා අපි ප්‍රකාශ කරනවා " යනුවෙන්.

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි