පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන ඕනෑම නීතියක් අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවත්, ඒ සඳහා අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සාමාන්‍යාධිකාරී සමන් ශ්‍රී රත්නායක මහතා මාතලේ දී පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභිකවරියන් සඳහා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ “ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමේ වැඩසටහනකට” සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට අදාළ නීතියක් අවශ්‍යයි. පළාත් සභා සම්බන්ධයෙන් 2017 අංක 17 දරන පනතින් සංශෝධනය කළ 1988 අංක දරන පළාත් සභා පනත අහෝසි වනවා. ඒ අනුව, ඊට අදාළ සීමා නිර්ණය කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. නීති සැකසීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. එම නිසා, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ඕනෑම නීතියක් අනුව අපි මැතිවරණ කොමිසම වශයෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්. ඒ සඳහා 2018 සිට මේ දක්වා සෑම වසරකම අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා, මැතිවරණයට අපි සූදානම්”