ලංකාවේ පළමු වරට.. අති දුර්ලභ ඇඟ නිල් වෙන රෝගය හැදිලා.. හොයාගන්න රුධිර සාම්පල වහා ජර්මනියට යවලා.. හැදෙන විදිහ මෙන්න..
ලංකාවෙන් පළමු වරට, Congenital Methemoglobinemia නම් වූ අති දුර්ලභ රෝගය වැළඳුනු අයෙකු පළමුවරට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, අනුරාධපුර - මැදවච්චිය ප්‍රදේශයේ දරුවෙකුට ය.
ඒ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්.යූ. සී. රණවක සඳහන් කළේ ය.
වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..
අධ්‍යාපනයේ වෙන නව වෙනස.. තවත් ක්ෂේත්‍ර ගණනාවකට සුබ වෙන්නයි යන්නේ.. ජනාධිපති යොමු කළ කැබිනට් පත්‍රිකාවකට වහා අනුමැතිය ලැබෙයි..
මෙම රෝගය වැළඳීමේ දී රෝග ලක්ෂණ ලෙස ශරීරය දැඩි ලෙස නිල්පාට වන බවත්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති වේ.
මැදවච්චිය ප්‍රදේශයේ මෙම රෝගය වැළඳුනු දරුවා අනුරාධපුර ශික්ෂණ රොහලේ නොමේරු ළදරු ඒකකයේ සායනික පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙරට එකී පරීක්ෂාවන් සඳහා පහසුකම් නොමැති බැවින් දරුවාගේ රුධිර සාම්පල ජර්මනියට යැවීමෙන් අනතුරුව මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කරගෙන තිබෙනවා.
මෙම රෝගී තත්ත්වය සඳහා වන ඖෂධ මෙරට පැවතීම හේතුවෙන් දරුවාගේ දිවි බේරා ගැනීමට හැකිවූ බව ඒ මහතා පැවසීය.
එමෙන්ම, මෙම රෝගය ඇතිවීම සඳහා බොහෝවිට ඥාති විවාහයන් හේතු වන නමුත් මෙම දරුවාගේ දෙමව්පියන් එසේ නොවීම ද විශේෂත්වයක් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම රෝගය මෙරට දී හඳුනාගත් පළමු අවස්ථාව මෙය වේ.
නමුත්, ලෝකයේ සාමාන්‍යයෙන් ලක්ෂයකට එක් දරුවෙකුට මෙවැනි රෝගයක් ඇති වීමේ හැකියාවක් පවති.
You May Like This Video👇
.