අධ්‍යාපනයේ වෙන නව වෙනස.. තවත් ක්ෂේත්‍ර ගණනාවකට සුබ වෙන්නයි යන්නේ.. ජනාධිපති යොමු කළ කැබිනට් පත්‍රිකාවකට වහා අනුමැතිය ලැබෙයි..

Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත 

මෙය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත.

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..

රත්රන් පැන්න පිම්ම.. පවුමක ගාණ දැන් කීයද දන්නව ද?.. අද මිල ගණන් මෙන්න..(PHOTO)

රත්රන් පැන්න පිම්ම.. පවුමක ගාණ දැන් කීයද දන්නව ද?.. අද මිල ගණන් මෙන්න..(PHOTO)

මෙම කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති මාලායක් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දීමට නියමිත ය.

ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.

මේ යටතේ, ව්‍යාපෘති 33ක් හඳුනාගෙන ඇති අතර මෙමගින් නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ එම පළාතේ ජනතාවගේ සමාජ සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාව වනු ඇත.

ඒ අනුව අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත්, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපතිවරයා යොමුකළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.  

You May Like This Video👇 

.