කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 8 ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියන 8ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද (14) දින එම වටිනාකම රු. ට්‍රිලියන 8 ඉක්මවා ගිය බව වාර්තා වේ.
මේ අතර සියලු කොටස් මිල දර්ශකය (ASPI) යළිත් වරක් ඉහළම අගයක් ප්‍රකාශ කරමින් ගනුදෙනු අවසානයේදී ඒකක 22,372.57 දක්වා ඉහළ ගොස් ඇත. එය පෙර දිනයට සාපේක්ෂව ඒ 51.49ක වැඩිවීමකි.
S&P SL20 දර්ශකය ද ඒකක 22.07කින් ඉහළ ගොස් ඒකක 6,229.44කට ළඟා වෙමින් වසරේ මෙතෙක් උපරිමයට පත්විය.
අද දින ගනුදෙනු පිරිවැය රුපියල් බිලියන 5.74ක් ලෙස වාර්තා වී තිබේ.