පිළිකාව මැඩලන්න කොළඹ කැම්පස් එකෙන් අලුත් සොයාගැනීමක් - පිළිකා වර්ග පහළොවක පිළිකා සෛල විනාශ කළ හැකියි.. වෙළඳපොලටත් නිකුත් කරයි..
පිළිකා රෝගය ලොව පුරා ජනතාව පෙළෙන ප්‍රධාන රෝගාබාධ වලින් එකකි.ලොව පුරා සිදුවන මරණයන්ට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්‍නේ හෘද හා වාහිණිගත රෝග වන අතර දෙවෙනි තැන හිමිවන්‍නේ පිළිකා රෝගයටයි.
ස්ත්‍රි පුරුෂ ළමා මහලු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පිළිකා රෝගය වැළදිය හැක.ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ප්‍රධාන වශයෙන්ම දක්නට ඇත්තේ මුඛ පිළිකා හා පියයුරු පිළිකා වන අතර ගලනාල පිළිකා, ගර්භාෂ පිළිකා, ගැබ්ගෙල පිළිකා හා අක්මා පිළිකා ද බහුලව දක්නට ලැබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් සොයාගෙන ඇත.
එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පැවසුවේ එය වසර 14ක පරීක්ෂණවල ප්‍රථිඵලයක් බවයි.
අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීම හා ජාන විකෘති වීම මිනිස් සිරුර තුළ පිළිකා රෝගය වර්ධනය වීමට බලපාන ප්‍රදාන සාධකයක් වේ.
ඒ අනුව පිළිකාවට එරෙහි පෝෂක ඖෂධයක් සොයාගෙන ඇත්තේ 2009 වසරේ සිට දේශීය වෙදකම සහ ස්වාභවික ද්‍රව්‍ය යොදා ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් සිදු කළ පරීක්ෂණවල ප්‍රථිඵලයක් ලෙස යි.
එය කැප්සූලයක් ලෙස මේ වන විට වෙළෙඳපොළට ද නිකුත් කර ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.
මෙම ඖෂධය පිළිකා රෝගීන්ට, පිළිකා රෝගය වැළඳී සුව වෙමින් සිටින රෝගීන්ට සහ පිළිකා රෝගය වැළඳීමේ අවදානමක් පවතින අයට ද ලබා ගත හැකි ය.
කෙසේවෙතත්, මෙම නව පෝෂක ඖෂධය තුළින් පෙනහළු පිළිකා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා වර්ග පහළොවක පමණ පිළිකා සෛල විනාශ කළ හැකි ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |