ජනපති අනුර කුමාර ජපානයට

Report

අද (27) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත වී ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

උදය ගම්මන්පිලගෙන් මහින්ද රාජපක්ෂට පැමිණිල්ලක්

උදය ගම්මන්පිලගෙන් මහින්ද රාජපක්ෂට පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio ISOMATA), ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වන අතර සැප්තැම්බර් 27 වන දින ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කර ඇත. ඊට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද ඇත.

සුපිරියිනේ - බලන්නකෝ අපේ ජනපති කාවද හමුවෙලා තියෙන්නේ කියලා

සුපිරියිනේ - බලන්නකෝ අපේ ජනපති කාවද හමුවෙලා තියෙන්නේ කියලා

එමෙන්ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටී.  

වන්දනා නඩයක් රැගත් වෑන් රියක් ගසක ගැටී විශාල අනතුරක්, 11කට තුවාල

වන්දනා නඩයක් රැගත් වෑන් රියක් ගසක ගැටී විශාල අනතුරක්, 11කට තුවාල