මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම පෙම්වතිය වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බවට දැනගැනීමෙන් පසු ඇයගේ පෞද්ගලික දර්ශන ඇතුළත් වීඩියෝවක් පටිගත කර අනෙක් පෙම්වතා වෙත යොමු කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අකරතැබ්බයට ලක්වූ තරුණිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය පැමිණිලි කර ඇත්තේ , තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ තරුණයෙකු විසින් තමාට රහසින් තම සිරුරේ උඩුකය ඇතුළත් දර්ශන වීඩියෝ කර, තමා ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ අනෙක් තරුණයා වෙත යවා ඇති බවයි.
පැමිණිල්ලට අනුව, සිය පෙම්වතිය වෙනත් සම්බන්ධතාවයක් පවත්වන බවට හෙළි කර ගැනීමෙන් අනතුරුව සැකකාර පෙම්වතා ඇයගේ හැසිරීම තහවුරු කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය පටිගත කර තිබේ. අනතුරුව එම වීඩියෝව වට්ස්ඇප් පණිවිඩයක් ඔස්සේ එක් වරක් පමණක් නැරඹිය හැකි වන පරිදි අනෙක් පෙම්වතා වෙත යොමු කර තිබේ.
එමෙන්ම පරිගණක අපරාධ පනත යටතේ, පුද්ගලයෙකුගේ අවසරයකින් හෝ දැනුවත්භාවයකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික වීඩියෝ දර්ශන සන්තකයේ තබා ගැනීම හෝ බෙදාහැරීම වරදක් ලෙස සැලකේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මෙම ක්‍රියාව කිසිදු ද්වේෂ සහගත චේතනාවකින් සිදුකර නොමැති බවයි.