නාමල් නඩයක් එක්ක ශ්‍රීපාදය වදින්න යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් අද (08) ශ්‍රී පාදය කරුණා කළහ.
හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, ශ්‍රී පාද උඩ මළුවේ පැවති අලුයම පූජාවට සහභාගී වී ආශිර්වාද ලබා ගත් බව වාර්තා වේ.
මෙම ගමන සඳහා නාමල් රාජපක්ෂ මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහත්වරුන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එක්ව සිටියහ.
පවතින උත්සව සමය සහ නිවාඩු දින සැලකිල්ලට ගනිමින් ආගමික වතාවත්වල නිරත වීම සඳහා ඔවුන් මෙම සංචාරය සිදු කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.