ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැතක් ගැන විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්. (VIDEO)
පසුගිය ජූනි 9 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.
ඔහු පවසන්නේ 9 වනදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ ඝාතනය තැතක් තිබූ බවයි,
මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදු කර තිබුණේ, ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.
මෙම සැලැස්මට පෙර අමරිකනු තානාපතිනි ජූලි චන්ග් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැකදෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා යාඥා කළ බවත්, නමුත් ඝාතන සැලැස්මක් වූ එහි අවසානය වූයේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීම බවත් එහිදී ඔහු අවධාරණය කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |