වව්නියාවේ දෙදරු මවක් අතුරුදන්.
By Hashini
වව්නියාව බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ ජිවත් වූ දෙදරු මවක් හදිසියේම අතුරුදන්ව ඇති බවට ඇයගේ ස්වාමිපුරුෂයා විසින් ඊයේ (16) වව්නියාව පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි එස්.කේතීස්වර නැමැති කාන්තාවකි.
අසල්වාසීන් පවසන්නේ එම කාන්තාව 14 වැනිදා පස්වරුවේ ද නිවසේ සිටි බවයි.
ඇයගේ සැමියා විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තමන් රැකියාවට ගොස් සවස් කාලයේදී යළි නිවසට පැමිණෙන විට බිරිඳ නිවසේ නොසිටි බවත්, දරුවන් සෙසේනා පමණක් නිවසේ සිටි බවත්ය.
දරුවන් දෙදෙනා පවසන්නේ මව ගිය ස්ථානය තමන් නොදන්නා බවයි.
අතුරුදන් කාන්තාව පිලිබඳ මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.