පැන්සලේ සැගවුණු මාරයා..ඔබේ දරුවාත් රැකගන්න..පැන්සල ගැන භයානක අනාවරණයක්..!

World Health Organization Ministry of Health Sri Lanka Latest Headlines
By Sewvandhi Jan 26, 2025 09:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෛද්‍යවරුන් අනාවරණ කරන්නේ, වෙළෙඳපොළේ පවතින බොහෝමයක්පැන්සල්වල දරුවන්ගේ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක් අන්තර්ගත බවයි

වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ,  ඒ හේතුවෙන් පැන්සල් මුඛයෙන් සැපීමෙන් දරුවන් දීර්ඝ කාලීන රෝග රැසකට ගොදුරු විය හැකි බවටයි.

පාසල් දරුවන් භාවිත කරන පැන්සල් විවිධ වර්ණවලින් අද වෙළෙඳපොළේ දක්නට ලැබෙයි.

බොහෝමයක් ආනයනික පැන්සල්වල පවතින වර්ණගැන්වීම් හා ආකර්ශනීය බව නිසාම එවන් පැන්සල් මිලට ගැනීමට දරුවන් දක්වන්නේ දැඩි කැමැත්තකි.

පැන්සලෙන් ලිවීමේදී, පැන්සල් උල් කිරීමේදී, එම පැන්සල් මුඛයෙන් සැපීම දරුවන් සිදුකරන්නේ ඔවුන්ටත් නොදැනීමයි. පැන්සල්වල මෙම ආකර්ශනීය බව ලබාගැනීමට ඒවාට රසදිය, ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ආලේප කිරීම සිදුවෙයි.

එමනිසා පැන්සල් සැපීමේදී දරුවන්ගේ සිරුරට ඇතුළුවන මෙම රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ සිරුරට කරන බලපෑම සුළු පටු නැත.

පැන්සල් හා පාට පැන්සල් නිෂ්පාදනයට අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර EN71 - 3 ප්‍රමිතියට සහතිකකර ඇති පැන්සල් බැර ලෝහ වර්ග 19කින් සිරුරට ආරක්ෂාව ලබාදෙයි.

නමුත් වර්තමානයේ වෙළෙඳපොළේ පවතින බොහෝ පැන්සල් මෙම අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල නොවන බව වාර්තා වෙයි.(උපුටාගැනීමක්)

…………………………………………………………………………

You may like this video👇



ReeCha