මව්ලවීගෙන් පහර කෑ අට හැවිරිදි දරුවාට සිදුවූ දේ..

Report

මව්ලවීවරයෙක්ව පොලීසිය විසින්, මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ අට හැවිරිදි දරුවෙකුට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සෙනසුරාදා (28) රාත්‍රී එම දරුවා ඉගෙනීම් කටයුත්තක් සඳහා පල්ලියට ගිය අවස්ථාවේ සැකකරු විසින් පොල්ලකින් පහරදී ඇති බවයි, පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ දරුවා කාත්තන්කුඩි රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා තිබේ.

මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, පාඩම් කිරීමට පවරන ලද පාඩමක් නිසි පරිදි කට පාඩම් නොමැති වීම හේතුවෙන් අදාළ දරුවාට පහරදී ඇති බවටයි.