ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ මේ නීති ප්‍රතිසංස්කරණය නොකළොත් ශ්‍රී ලංකාවට වෙන දේ - රතු එළියක්

Report

ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මඟින් ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කිරීම, ජී.එස්.පී නව සහන යෝජනා ක්‍රමය වෙනුවෙන් අයැදුම් කිරීම සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාවට තවදුරටත් කල්දැමිය නොහැකි බව පෙන්වා දෙයි.

ඒ අනුව එම සංසදය සඳහන් කරන්නේ ගෙවුණු වසර පහක කාලය තුළ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන පහ සීමාවේ රැඳී තිබීමෙන් පෙනී යන්නේ කර්මාන්තය ගැඹුරු ව්‍යුහාත්මක අභියෝගයකට මුහුණ දී ඇති බවයි.

එසේම නිෂ්පාදකයන්ට වඩා විශ්වසනීය පිරිවැය පාලනය කළ හැකි තිරසර බලශක්ති විකල්පයක් ඔවුන්ට ලබා දිය යුතු බවද එම සංසදය දන්වයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ 2030 වනවිට ඩොලර් බිලියන 28ක අපනයන ආදායමක් සම්පූර්ණ කිරීමේදී කර්මාන්තශාලා විවෘත කිරීමෙන් හෝ නිෂ්පාදන ප්‍රමාණය පමණක් වැඩි කිරීමෙන් සාර්ථක කරගත නොහැකි බවයි.

තවද එම සංසදය පෙන්වා දෙන්නේ වටිනාකම් එකතු කිරීම, නවෝත්පාදනය, ස්වයංක්‍රීයකරණය, ඵලදායිතාව ඉහළ නැංවීම, නව අපනයන වෙළෙඳපොළ සොයායාම සහ ගෝලීය වටිනාකම් දාමයේ තවදුරටත් ඉහළට ගමන් කිරීම එම පරිවර්තනයේ ප්‍රධාන අංග විය යුතු බවයි.

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

ඒ අනුව ශ්‍රී ලංකාවට වඩාත් ශක්තිමත් ආයෝජන දිරිගැන්වීම් රාමුවක් අවශ්‍ය බවත් එම ආයෝජන ඇඟලුම් නිෂ්පාදන කම්හල්වලට පමණක් සීමා නොවිය යුතු බව දක්වයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රෙදි නිෂ්පාදනය, යාන්ත්‍රික හා අලංකරණ උපාංග, ලේබල්, බොත්තම්, සිප් සහ ඇසුරුම් වැනි ක්ෂේත්‍ර ද ඇතුළත් වන පරිදි දේශීය නිෂ්පාදන කිරීම, දත්ත පදනම් කරගත් නිෂ්පාදන පාලනය සහ AI තාක්ෂණය උපයෝගී කරගැනීමේ අවශ්‍යතාවයි.

මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්

මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්