කොහොමද ගැම්ම ට්‍රම්ප් එක්ක කරට කර ඉන්න ජනපති අනුර
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනිසා ට්‍රම්ප් සමඟ ගත් ඡායාරූපයකට පෙනී සිට ඇත.
එහිදී සැසියට පැමිණි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපතිවරයා ද එක්ව තිබේ.
එමෙන්ම එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද යෙදුණු බව ජනපති මාධ්‍ය අංශය පවසයි.