දවස පුරාම සෙරෙප්පු දාගෙනම ද ඉන්නේ?. එහෙම ඉන්න ඔයා.. කවදාවත් මෙහෙම වෙයි කියලා නම් හිතුවේ නෑ නේද?.

Latest Headlines Decision Making
By krishani Dec 22, 2024 04:17 PM GMT
krishani

krishani

Report

අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා එළියට යනකොට විතරක් නෙවෙයි ගේ ඇතුලෙත් සෙරෙප්පු දාගෙන ඉන්න.

ඉතිම් දවස පුරාම සෙරෙප්පු දාගෙන ඉන්න ඔබ කවදාවත් හිතුවද එය ඔබේ ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා.

ලංකාවේ තියෙන උෂ්ණාධික කාලගුණය එක්ක සෙරෙප්පු දවස පුරාම දාගෙන ඉන්න එක ශරීරය සෞඛ්‍යයට හොඳ නැහැ.

බිත්තර සුදු මදෙයි කහ මදෙයි එක වගේ නෑ.. හැමදාම කන එක හොඳයි ද?. කෑවට මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?.

බිත්තර සුදු මදෙයි කහ මදෙයි එක වගේ නෑ.. හැමදාම කන එක හොඳයි ද?. කෑවට මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?.

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...

ඉතිම් සෙරෙප්පු ගලවලා තණකොළ මත ඇවිදලා බලන්න..

එයින් ඔබට ලැබෙන වාසි ගැන දන්නව ද?.

පුළුවන් හැම වෙලාවකම තණකොළ ටිකක් පාගල ඇවිදින්න බලන්න.  

සෞඛ්‍ය සම්පන්න පාද :-

සෙරෙප්පු නැතිව ඇවිදිනකොට ඔබගේ කකුල් වලට ඉතා හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. පාදයේ මාංසපේශි වගේම බලනහර, වළලුකර අස්ථි බන්ධනය හා පසුපස මාංසපේශි සවිමත් වීමත් සිදු වෙනවා. පාද පිණි වැටුණු තණකොළ වල ස්පර්ශ වීමෙන් නැවුම් ආස්වාදයක් ලබාගන්න පුලුවන්.

ඇස්වලට හොඳයි :-

ඇස් වලට වගේම ඔබගේ සිරුරේ තවත් අවයව නියෝජනය කරන චිකිත්සා කලාපයක් පාදයේ පතුලේ පිහිටලා තියෙනවා. පාවහන් නැතුව තණකොළ මත ඇවිදීමේදී ඔබගේ පාදයේ පළමු දෙවැනි හා තුන්වැනි ඇඟිලි මත උපරිම තෙරපීමක් ලබාදීම තුළින් ඇස් වල ප්‍රභල චිකිත්සාවක් සිදුවෙනවා. මේ චිකිත්සක කලාපයේ උත්තේජනය කිරීම මඟින් පෙනීම වර්ධනය වීම වගේම ඔබගේ සමස්ත ශරීරය, සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඔබ අවදි වුණු ගමන් පිනි වැටුණු තණකොළ මත සෙරෙප්පු නැතිව ඇවිදින්න. එමඟින් ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල රැසක් ලබාගන්න හැකි වේවි.  

විටමින් D ලබාගන්න :-

උදෑසන හිරු රෂ්මියෙන් විටමින් D ලැබෙනවා. ඉතින් ඔබ උදෑසන ඇවිදිනකොට හිරු කිරණේ විටමින් D මඟින් ඔබව පෝෂණය කරනවා. අස්ථි සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමටත් ඔස්ටියෝ ආතරයිටීස් සහ අස්ථි සම්බන්ධ වෙනත් රෝග වලිනුත් ඔබව ආරක්ෂා කරනු ලබනවා. විටමින් D ඌනතාව නිසා අධි රුධිර පීඩනය වැනි තත්වයන් ඇතිවීම වළකා ගත හැකියි. ගර්භනී මව්වරුන්ට ශරීරයට විටමින් D ලබා ගැනීම ඉතාමත් වැදගත් වන අතර සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදීම ගර්භණී සමයේ පසුවන මව්වරුන්ට ඉතාමත් වැදගත්.

ආතතිය දුරුකරයි :-

මෙයින් ඔබගේ මනසට සැහැල්ලු බවක් ලබා ගන්න පුළුවන්. නැවුම් වාතය, උණුසුම් හිරු එළිය, කොළපැහැති පරිසරය වගේ සාමකාමී උදෑසන පරිසරය මඟින් ඔබගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරනු ලබයි. ඒ වගේම ඔබට නැවුම් ඔක්සිජන් ලැබීම ශරීරයේ ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඉතාමත් වැදගත් වේ.උදෑසන හිරු කිරණින් ශරීරයට විටමින් D ලැබෙන නිසා ඔබගේ මනස වගේම ශරීරය සැහැල්ලු වී ආතතිය දුරු වීමත් සිදු වෙනවා. ඔබත් වැඩ රාජකාරි එක්ක ආතතියෙන් යුක්ත පරිසරයක ජීවත් වෙනවා නම් ඔබටත් පුළුවන් දැන් උදේට ටිකක් තණකොළ මත සෙරෙප්පු නැතුව ඇවිදලා ආතතිය නැතිකර ගන්න. හැමදාම උදේට විනාඩි 30ක් පමණ සෙරෙප්පු නැතුව ඇවිදලා බලන්න. එවිට ඔබට සෑම දවසකම ඔබගේ සියලු වැඩකටයුතු හොඳින් ඉටු කරගන්න පුළුවන් ශක්තිය ලැබේවි.

ඉලෙක්ට්‍රෝන ශක්තිය ලැබෙනවා :-

සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදීමෙන් පොළොව මතුපිට තියෙන ඉලෙක්ට්‍රෝන ශරීරයට හුවමාරු වී ශරීරයේ වෙනස්කම් රැසක් සිදු කරයි. මේ ඉලෙක්ට්‍රෝන තුළ ප්‍රතිඔක්සිකාරක බලයන් ඇතුලත් වෙන අතර ඔක්සිකාරක මඟින් ආතතිය දුරු කරලා ශරීරයේ තියෙන සියලු වේදනා සහ රෝගාබාධ දුරු කිරීම සිදුකරනු ලබයි. පාවහන් නැතුව තණකොළ මත හෝ පස් මත ඇවිදීමෙන් මිහිතලය මත ගබඩා ගබඩා වී තිබෙන ශක්තිය ඔබගේ සිරුරට මෙන්ම මනස හා ආත්මයට ද ගබඩා කරල තියන්න පුළුවන්. ඒ වගේම තණකොළ මත ඇවිදීමෙන් ඔබට සුවදායක නින්දක් ලබාගන්නත් පුළුවන්. ඔබගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමටත් මොළය වර්ධනය කිරීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම ස්නායු පද්ධතිය වර්ධනය කිරීමට ද තණකොළ මත ඇවිදීම බෙහෙවින් උපකාරී වේ.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකී.

You May Like This Video👇 

.

ReeCha