ආච්චිගේ බලාපොරොත්තුව වුණ ටෙම්බා...තමන්ට හිනා වුණ හැමෝවම මේ වෙන කොට දණ ගස්සවලා ඉවරයි[PHOTO]

Report

ක්‍රිකට් ඉතිහාසයේ Icc ශූරතාවය වසර 27 ට පස්සේ දකුණු අප්‍රිකාව දිනා ගන්නවා.

මේ වෙන කොට ලෝකේ හැමෝම ඒ ගැන කතා වෙනවා.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

හැබැයි ඒ අතරෙ අද ගොඩක් දෙනා ශූරතාවය තමන්ගේ රටට අරන් යන්න කණ්ඩායමට නායකත්වය දුන්න Temba Bavuma ගැන කතා වෙනවා.

ඔහුව ප්‍රශංසා කරනවා. මොකද Temba Bavuma කියන්නේ දකුණු අප්‍රිකාවේ නායකත්වයට පත්වීමෙන් පස්සෙ පුදුම විදියට හිරිහැරයට පත් වුණ කෙනෙක්.

ඔහුගෙ පෙනුම, උස, මුහුණ නිසා විතරක් නෙමෙයි ඔහු පැවතගෙන එන පවුල් පසුබිම නිසා පවා ඔහුව සමාජ මාධ්‍යය තුළ හිරිහැරයට ලක් වෙනවා.

ඔහුව උපහාසයට සහ අපහාසයට ගන්නවා. දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් ලැබූ පළමු කළු ජාතික පිතිකරුවා වෙන්න 2016 දී ඔහුට හැකියාව ලැබෙනවා.

එය අද්වීතීය දස්කමක්.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඒත් බවුමා දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වෙද්දී ඔහුට බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරනවා.

ඔහුගේ ශරීර ප්‍රමාණයෙන් කුඩා නිසා ඔහුව සෑම අවස්ථාවකදීම සරදමට ලක් වෙනවා. බවුමා පන්දුවාර 20 පිටියේ එකදිගට අසාර්ථක වෙද්දී ඔහුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායමෙන් පන්නා දාන්න ඕනේ කියලත් ප්‍රකාශ කෙරෙනවා.

හැබැයි ඔහුට කණ්ඩායමේ රැඳී ඉන්න ලැබෙන්නේ කළු ජාතික කෝටාවට පින් සිද්ධ වෙන්න.

ඒත් Temba Bavuma මේ කිසි දේකින් සැලෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු තමන්ගේ දේදුණු දේශයට ලෝක කුසලානය අරන් දෙනවා.

ඔහු හොඳ නායකයෙක් විතරක් නෙවෙයි හොඳ මනුස්සයෙක් කියලත් හැමෝම ඔහුට ප්‍රශංසා කරන්න හේතුවක් තියෙනවා.

ඒ ඔහු තමන්ගේ වැටුපෙන් ඒඩ්ස් ආසාධිත දරුවන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ආධාර ලබාදෙන නිසා, ඔහු පැවත ගෙන එන දකුණ අප්‍රිකාවේ ඉතාම දුගී දුප්පත් Langa ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔහු කැප වෙන නිසා.

බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

අද මේ අඩි 5 යි අගල් 3ක් උස හුරුබුහුටි ක්‍රීඩකයා වුණ Temba Bavuma පුරාවෘත්තයක් විදිහට ඉතිහාසයට එකතු වෙනවා. ටෙම්බා බවුමා ජයග්‍රහණයෙන් පස්සේ හැඟීම්බරව ප්‍රකාශයක් කරනවා.

"හැමතිස්සෙම ආසන්නයටම ඇවිල්ලා අවාසනාව නිසා අපි හැරිලා ගියා.හදවත බිඳුණා. නමුත් හිරු එළිය හැමදාම තිබ්බේ අපිත් එක්ක." ඉතින් ඔහු සැබෑ වීරයෙක්.

ඒවගේම ඔහුගේ නම ගැනත් අපූරු කතාවක් තියෙනවා.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

"මම ඉපදුනාට පස්සේ නමක් දාන්න ගොඩක් අය කතා කරද්දී ටෙම්බා කියලා නම දාමු කියලා යෝජනා කරලා තියෙන්නේ මගේ ආච්චි.ටෙම්බා කියන්නේ බලාපොරොත්තුවට. අපේ ආච්චි හිතුවා මම බලාපොරොත්තුවක් වෙයි කියලා."

ඉතින් ඔහු දේදුණු දේශයේ සැබෑවටම බලාපොරොත්තුවක් වී අවසන්.

GalleryGalleryGallery