හරීන්ට දුරකථනයෙන් තර්ජනය කරපු උගන්ඩා කුමාරයා කවුද?

Report

හිටපු ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ආණ්ඩුව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා පාර්ලිමේන්තුව, ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය (IPU) ඇතුළු සියලුම ජාත්‍යන්තර ආයතනවලට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී හරින් ප්‍රනාන්දු මහතා තමන්ගේ ප්‍රකාශයේදී ආණ්ඩුවට එරෙහිව බරපතළ අනතුරු ඇඟවීමක් කරමින් පැවසුවේ, “රනිල්ට විරුද්ධව අත තැබීම මහා ශාපයක් බවට පත්වනු ඇත” යන්නයි.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැක නාවික සෙබළා දේශබන්දුගේ ගෙදර හිටියද?

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැක නාවික සෙබළා දේශබන්දුගේ ගෙදර හිටියද?

මෙම මාධ්‍ය හමුව අවසන් වූ පසු දිනකදී හරින් ප්‍රනාන්දු මහතා ජිම් එකක ව්‍යායාම් කටයුතු කරමින් සිටියදී නොදන්නා අංකයකින් දුරකථන ඇමතුමක් ලැබුණි. එම ඇමතුමෙන් තර්ජනාත්මක හඬකින් පහත පරිදි ප්‍රකාශයක් එල්ල වූ බව වාර්තා වේ:

“ඔයාලා මොකද රනිල්ගේ සිද්ධිය ජාත්‍යන්තරයට ගෙන යනවා කියන්නේ? හරි එහෙම කරලා බලමුකෝ.”

හරින් මහතාගේ කටහඬ තරමක් බෝල් වුණු නිසා එහා පැත්තේ පුද්ගලයාට ඔහු විසින් තදින් “ලුණු ඇඹුල්” වචන සංග්‍රහයක් එල්ල කළ බවත්, එයින් පසු ඇමතුම්කරු නිරුත්තරව දුරකථනය විසන්ධි කළ බවත් සඳහන් වේ.

ව්‍යායාම් කටයුතු අවසන් කිරීමෙන් පසු හරින් මහතා නිවී සැනසිල්ලේ එම අංකය Truecaller යෙදුම හරහා පරීක්ෂා කළ අතර, එහිදී ලැබුණු තොරතුරු ඔහුට සිනහව නවත්වා ගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.

එම දුරකථන අංකය උගන්ඩාවට සම්බන්ධ කුමාරියකගේ පවුලේ කුමාරයෙකුට අයත් බව හෙළි වී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර ඇති බවත්, එමගින් තවදුරටත් පියවර ගැනීමට තීරණය කර ඇති බවත් දේශපාලන ක්ෂේත්‍රයේ පැවසෙන බව වාර්තා වේ.

කරාපිටිය රෝහලේ දරුවන්ට ලිංගික අතවර.. සකකරුවට නීතිය තද වෙයි

කරාපිටිය රෝහලේ දරුවන්ට ලිංගික අතවර.. සකකරුවට නීතිය තද වෙයි

උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්

උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්