අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැක නාවික සෙබළා දේශබන්දුගේ ගෙදර හිටියද?
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු වන හිටපු නාවික හමුදා සෙබළා, බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී විශ්‍රාමික නිලධාරි සිරිදත් ධම්මික මහතා ඇතුළු ඝාතන 06කට සම්බන්ධ බව ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පවසයි.
මෙම සැකකරු වයස අවුරුදු 40ක් පමණ වන කනංකේ, කඩවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 2009 වසරේදී නීත්‍යනුකූලව නාවික හමුදාවෙන් ඉවත් වූවෙකි. ඔහු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අවස්ථා 04කදී පොලිසියට හසු වී ඇතත්, වෙඩි තැබීම් සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක පොලිසියට හසු වී නොමැති බව ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.
සැකකරු ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝාතන සියල්ලම කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත සිදු කළ බවයි. නීතිඥවරයාගේ ඝාතනය හා බූස්ස බන්ධනාගාර හිටපු අධිකාරීගේ ඝාතනය හැරුණු විට අනෙකුත් ඝාතන ගැන පැහැදිලි මතකයක් නොමැති බවත්, ඒවා සියල්ල ඇල්පිටිය හා ඒ අවට ප්‍රදේශවල සිදු කළ බවත් ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව, ඇල්පිටිය හා ඒ අවට සිදු වූ ඝාතන සම්බන්ධයෙන් පොලිස් අපරාධ ලේඛනාගාරයෙන් තොරතුරු ලබාගෙන, සැකකරුව එම ස්ථානවලට රැගෙන ගොස් ඔහු විසින් කළ ඝාතන පැහැදිලිව හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක් වූ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා වරක් මෙම සැකකරුගේ මත්ද්‍රව්‍ය නඩුවකට පෙනී සිට ඇති බවත්, එය කරන්දෙණිය සුද්දා විසින් යොදවා තිබූ බවත් සැකකරු ප්‍රකාශ කර ඇත. තමන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයකුට වෙඩි තබා ඝාතනය කිරීමට කරන්දෙණිය සුද්දා විසින් තමන්ට පවරා ඇතැයි දැන නොසිටි බවත්, නීතිඥවරයා හඳුනාගත්තේ අකුරේගොඩදී මෝටර් රථය අසලට ගොස් වෙඩි තැබීමට සූදානම් වන විට බවත් ඔහු පවසා ඇත.
නීතිඥවරයාගේ බිරිඳට වෙඩි තබන විට තම ගිනිඅවිය අගුල් වැටුණු බවත්, එය දැනගත් ප්‍රධාන වෙඩික්කරුවා නීතිඥවරයාගේ බිරිඳට ඔහු අතවූ ටී 56 අවියෙන් වෙඩි කිහිපයක් තැබූ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත.
තමන්ව රටින් පලා යෑමට ව්‍යාජ නමකින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දුන්නේද කරන්දෙණිය සුද්දා බවත්, එය පොලිස් විශේෂ කාර්ය බළකායට හසු වීම හේතුවෙන් රටින් යෑමට නොහැකි වූ බවත් ඔහු පවසා ඇත. දේශබන්දු තෙන්කෝන් මහතාට අයත් බව කියන මහනුවර නිවසේ රැඳී සිටි අය අතර මෙම සැකකරු සිට ඇති බව මෙතෙක් තහවුරු නොවන බවද උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
තවද සමාජ මාධ්‍යවල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිය සැකකරු නැවතිලා හිටිය කතාව තවම තහවුරු නැති බවට ආරංචි මාර්ග පවසනවා,