වීඩියෝව ගැන පොලිසියෙන් නිවේදනයක්

Report

ශ්‍රී ලාංකිකයෙකු පිලිපීන ජාතිකයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවක් දැක ගත හැකිය.   

මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කර සිටියේ එම වීඩියෝව මීට වසරකටත් වඩා පෙර සිදුවූ සිද්ධියක් බවයි.   

එම සිද්ධියට අදාළව සැකකරුවන් අත් අඩංගුවට ගෙන අවශ්‍ය සියලුම නෛතික පියවර ගෙන ඇති බවත් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.   

ගුරුවරු විරෝධතාවයක

ගුරුවරු විරෝධතාවයක

මෑතක දී සිදු වූ සිද්ධීන් ලෙස නිරූපණය කර හිතාමතාම රටේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් මෙවැනි ක්‍රියාවන් කරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ට පොලිසිය අවධාරණය කර සිටියා.   

පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ වීඩියෝව 2024 පෙබරවාරි මස 14 වැනිදා වැලිගම පොලිස් කොට්ඨාසය තුළ සිදු වූ සිදුවීමක් බවය.

වීඩියෝව ගැන පොලිසියෙන් නිවේදනයක් | Video Being Circulated Old It Is Not A Recent One

පිලිපීන ජාතිකයෙකු වැලිගමට ගිය අවස්ථාවේ දී ශ්‍රී ලාංකිකයෙකු විසින් තමාට පහර දුන් බවට චෝදනා කරමින් වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබී ඇත. ගැටුමට මුල් වී ඇත්තේ වැලිගම පොල්හේන වෙරළේ සර්ෆ් පුහුණු මධ්‍යස්ථානයක දර්ශන පටිගත කරමින් සිටිය දී, එම මධ්‍යස්ථානයේ සේවකයෙකු එයට විරුද්ධ වෙද්දී එම දර්ශන පටිගත කිරීම හේතුවෙන් ඇති වූ ගැටුමක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

සිද්ධිය වූ දිනයේ ම වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් පොල්හේන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එසේම එම නඩුව 2025 සැප්තැම්බර් 11 වන දින නැවත විභාගයට ගැනීමට නියමිතය. 

Gallery