වාහන තුනක් ගැටී බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක් 11ක් රෝහලට
බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී වෑන් රථයක්, ටිපර් රථක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 11ක් තුවාල ලබා ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.
මේවන විට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු බහුලව සිදුවන අතර සාමාන්‍යයෙන් විනාඩි 45 කට වරක් එක් අනතුරක් සිදුවන බවට වාර්තා මගින් හෙළිවෙයි.
මෙම හේතු නිසාම මෙවන විට රථ වාහන නීති රීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.