තත්ත්වය දරුණුයි - ලංකාවම අනතුරේ - මාරාන්තික වෛරසය ඉන්දියාවටත්?
ඉබෝලා ආසාදනයක් ඇති බවට සැක කෙරෙන උගන්ඩාවේ කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම කාන්තාවට ඉබෝලා ආසාධනය වී ඇති බවට තහවුරු වුවහොත් එය 2014න් පසු දකුණු ආසියාතික රටකින් වාර්තා වන පළමු ඉබෝලා ආසාදිතයා විය හැකි බවද වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රෝගය වැළඳුණු කිසිදු රෝගියෙකු ඉන්දියාවෙන් වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍ය ප්‍රකාශ කර දිනකට පසුව මෙම පුවත වාර්තා වී ඇති බවද සඳහන්.
28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට සුළු ඇඟපතේ වේදනාවක් හටගෙන ඇති නමුත් ඇය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඇයගෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බවත් වාර්තා වේ. නැගෙනහිර අප්‍රිකානු රටේ සිට පැමිණ ඇති මෙම සංචාරක කාන්තාව අහමදාබාද් සිට දකුණු දිග බැංගලෝර් නගරය වෙත පැමිණ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් තොටුපළ සහ අනෙකුත් ඇතුළුවීමේ ස්ථානවලදී පරීක්ෂාවන් සහ නිරීක්ෂණ පියවරයන් ඉන්දියාව විසින් ආරම්භ කර ඇති අතර, පරීක්ෂා කිරීම්, නිරෝධායනය සහ අනෙකුත් පියවරයන් පිළිබඳව උපදෙස් මාලාවන් ද මේ වන විට නිකුත් කර ඇති බවය. කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය වෙත අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ඉන්දියාව මේ වන විටත් තම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.
ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?
අප්‍රිකාවේ පවතින මහජන සෞඛ්‍ය ගැටලු හේතුවෙන්, මේ සතියේ අගනුවර වන නව දිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ඉන්දියා-අප්‍රිකා සංසද සමුළුව’ ද කල් දමා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් සැක සහිත රෝගීන් 900කට වැඩි පිරිසක් අතුරින් රෝගීන් 101දෙනෙකු Bundibugyo නමැති වෛරස් ප්‍රභේදය වැළඳී ඇති බව තහවුරු කර ඇති අතර, ඒ සඳහා මෙතෙක් අනුමත කරන ලද එන්නතක් හෝ ප්‍රතිකාරයක් නොමැත.