මුළු ලෝකෙම සාමය බලන් ඉද්දි ට්‍රම්ගෙන් විශේෂ දැනුම්දීමක් - සියලුම මාරාන්තික දේ සන්නද්ධව තබා ගන්නැයි උපදෙස්
"සැබෑ එකඟතාවක්" ඇති වී එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරු අමෙරිකානු හමුදා ඉරානය අවට තවදුරටත් රැඳී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිය 'Truth Social' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, "දැනටමත් සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති සතුරෙකු විනාශ කිරීම සඳහා අවශ්‍ය අමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් මෙන්ම අමතර පතොරම්, ආයුධ සහ අනෙකුත් සියලුම මාරාන්තික දේ සන්නද්ධව තබා ගන්නා" බවයි.
කෙසේ වෙතත් මෙම එකඟතාවන් උල්ලංඝනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව ට්‍රම්ප් ප්‍රකාශ කළ ද, යම් හෙයකින් එය එසේ නොවන්නේ නම්, "කවුරුන් හෝ මෙතෙක් දැක ඇති විශාලතම හා ශක්තිමත්ම ආකාරයෙන් යළිත් වෙඩි තැබීම් ආරම්භ කරන්න" යනුවෙන් අනතුරු ඇඟවා ඇති බව සඳහන්.
එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි හිමි නොවිය යුතු බවටත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව පැවතිය යුතු බවටත් බොහෝ කලකට පෙර එකඟ වී ඇති බවයි.