නත්තලට කළින් සෑම හමුදා සොල්දාදුවෙකුටම ට්‍රම්ප්ගෙන් තෑග්ගක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට හමුදා සේවා සාමාජිකයින් වෙත නත්තලට පෙර ‘රණශූර ලාභාංශයක්’ ගෙවන බව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
ඒ අනුව ඇමරිකානු ඩොලර් 1,776 ක මුදල බැගින් එරට හමුදා සාමාජිකයින් මිලියන 1.45 කට මෙම මුදල ගෙවීමට නියමිතව ඇත.
එසේම මෙම ගෙවීම්වලට අදාළ චෙක්පත් දැනටමත් යවමින් පවතින බව ද ඔහු සඳහන් කර ඇත. එය ගෙවීම සඳහා අමෙරිකානු රජය මඟින් අමෙරිකානු ඩොලර් බිලියන 2.57 ක් වෙන් කර ඇති බව ට්‍රම්ප් පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමෙරිකාව 1776 දී පිහිටුවීමට ගෞරවයක් වශයෙන් මෙම දීමනාව බෙදා හරින බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එම මුදල් ඔහුගේ තීරුබදුවලින් මෙන්ම ඔහු ජූලි 4 වන දින අත්සන් කරන ලද ‘One Big, Beautiful Bill’ වැඩපිළිවෙළ යටතේ ලබා ගත් බව ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේ ඊයේ රාත්‍රියේ ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින් රූපවාහිනිය ඔස්සේ කළ විනාඩි 18 ක කතාව තුළ සිය ආර්ථික වාර්තාව ඉදිරිපත් කරමින් බව සඳහන්.