උදෑසන ගිගුරුම් සහිත වැසි - යාපනයේ ජනතාවට දැනුම්දීමක්

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00ට පමණ පසුව ගිගුරුම් සහිත වැසි හෝ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් දන්වා සිටී.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි ලැබීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කයේ අලුයම් කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද

ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් ජීවිත හානි සිදුවිය හැකියි.

එබැවින් අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර (විශේෂයෙන් ගස් යට නොසිටීම, විවෘත ස්ථානවලින් ඈත්ව සිටීම) ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.

අද උදේ සිටම කොළඹ, ගාල්ල, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක මීදුම් සහිතව පැවති අතර, දැන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළු සහිතයි.

මේ ලග්න හිමියන්ට අද අහස කඩාගෙන සල්ලි වැටෙයි

මේ ලග්න හිමියන්ට අද අහස කඩාගෙන සල්ලි වැටෙයි