රටපුරා අනතුරු 2000කට වැඩි පිරිසක් මරුට

Report

දිවයින පුරා ඊයේ දිනයේ සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ බුලත්සිංහල, කොළොන්නාව, ලුණුගම්වෙහෙර, බොරැල්ල, හබරාදූව සහ හම්බේගම යන පොලිස් වසම්වල මෙම අනතුරු සිදුව ඇති අතර ඉන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

එමෙන්ම, පූගොඩ - කොළඹ මාර්ගයේ, දොම්පේ ප්‍රදේශයේදී අද උදෑසන බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇත. මගී ප්‍රවාහන බස් රථයක් සහ ඇගලුම් සේවකයින් ගමන් ගත් බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

වැඩිදුරටත් අනතුරින් තුවාල ලැබූවන් දොම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලිසිය වාර්තා කරයි. තුවාල ලැබූවන් අතර බස් රථ දෙකෙහි රියදුරන් ද වේ.

දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ

දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ

මේ අතර, මහියංගනය ගිරිදුරු කෝට්ටේ ප්‍රධාන මාර්ගයේ සොරබොර, එකේ කනුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී වන්දනා නඩයක් ගමන් කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මේ වසරේ මේ දක්වා කාලය තුල රිය අනතුරු 1,916 ක් සිදුව ඇති අතර ඉන් මිය ගිය ගණන 2,037 ක් වන අතර 3,787 ක් තුවාල ලැබූ සංඛ්‍යාව බවයි පොලිසිය වාර්තා කරයි.

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්