බීමතින් ගේකට රිංගා නිරුවතින් නිදා සිටි පොලිස් කොස්තාපල් ඇඳුම් නැතුව දුවලා අවසානයේ නතර වූ තැන.

Sri Lanka Police
By Wayomi Aug 26, 2024 04:38 AM GMT
Wayomi

Wayomi

Report

රාජකාරියේ නිරතව සිටිය දී කෙළින් කටින් ඉන්නට බැරි තරමට මත්පැන් පානය කර තැබෑරුමක් අසල නිවසකට රිංගා නිල ඇඳුම් ගලවා නිරුවතින් බිම නිදා සිටි පොලිස් කොස්තාපල්වරයකු කයිට්ස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස මෙම නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු නිරුවතින් එම නිවසේ සිට දිව ගොස් කම්බි වැටකින් රිංගීමට ගොස් එහි පැටලී තුවාල ලබා ඇත.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.


කයිට්ස් රෝහලේ මේ වන විට ඔහු ප්‍රතිකාර ලබමින් සිටී. මෙම නිලධාරියා පසුගිය 23 වැනිදා රාත්‍රී රාජකාරියේ යොදවා සිට ඇත්තේ පුංකුඩතිව්හි මඩත්තවේලිහී පිහිටි මාර්ග බාධකයේයි.

කෙසේ වෙතත් රාජකාරියට ඔහු ගොස් ඇත්තේද මත්පැන් පානය කර බව විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.


එසේ මාර්ග බාධකයේ බීමතින් සිටිමින් ඔහු පුද්ගලයකුට පහරදීමක්ද කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් මුරපොළ වෙත 24 වැනිදා අලුයම යන විට බීමත් කොස්තාපල්වරයා එහි සිට නැත.

පුංකුඩතිව් තැබෑරුම අසල පිහිටි සෝබන මුත්තු නමැත්තාගේ නිවසේ ඔහු නිදාගෙන සිටින බවට එහි දී පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.


ඒ අනුව පොලිස් නිලධාරීන් එහි යන විට මෙම නිලධාරියා ඔහුගේ නිල ඇඳුම ගලවා එහි කොටස් සී.සී.කඩ විසිකර දමා නිරුවතින් බිම නිදාගෙන සිටිනු දැක තිබෙනවා.

මෙම නිලධාරියාව ඇහැරවා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී ඔහු පලාගොස් ඇති බවත් නිරුවතින්ම දිව ගිය ඔහු කම්බි වැටකින් රිංගීමට ගොස් තුවාල වී ඇති බවත් පොලිසිය පවසනවා.

රාජකාරී වේලාව තුළ බීමතින් සිටීම පොලිසියට අපකීර්තියක් ඇතිවන ආකාරයට නිරුවතින් නිවසක නිදාගෙන සිටීම ආදී කරුණු මුල්කරගෙන මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද ඊයේ (25) පියවර ගැනුනා..

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

කඩේ රසටම කඩේ පෙනුමටම ගෙදරදීම ආප්ප හදන්න - තාච්චි පදම් කරන සුපිරිම ක්‍රම 2ක් මෙන්න.

කඩේ රසටම කඩේ පෙනුමටම ගෙදරදීම ආප්ප හදන්න - තාච්චි පදම් කරන සුපිරිම ක්‍රම 2ක් මෙන්න.


ReeCha