කඩේ රසටම කඩේ පෙනුමටම ගෙදරදීම ආප්ප හදන්න - තාච්චි පදම් කරන සුපිරිම ක්‍රම 2ක් මෙන්න.
කඩේ විදිහට ගෙදරදී ආප්ප හදන්න ගියාම හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි රසට වගේම හරි හැඩයට ආප්පය පුච්ච ගන්න එක. මොකද කඩේ රසටම, ඒ හැඩයට ආප්ප හදාගන්න එක ලේසි නැහැ. මොකද මිශ්‍රණයේ පදම වගේම තාච්චියද සුපිරියටම පදම් වෙන්නම ඕන.
ඔන්න ඔතනදි තමා ලොකුම ප්‍රශනය ඇති වෙන්නේ, අන්න ඒ නිසාම මේ කියලා දෙන්න යන්නේ හරිම විදිහට තාච්චියක් පදම් කරගන්නේ කොහොමද කියලා.
ආප්ප තාච්චි පදම් කිරිම.
අප්ප හදන තාච්චියක් විදිහට ගන්න ඇලුමිනියම් හා නන්ස්ටික් පැන් තියෙනවා. මෙතනින් නන්ස්ටික් තාච්චිය නම් පදම් කරන්න දෙයක් නැහැ. ඇලුමිනියම් තාච්චිය තමයි පදම් කර ගන්න ඕන.
හැබැයි ඔයා මතක තබාගත යුතුම දේ තමා, මේ පදම් කරපු තාච්චිය සබන් දලා එහෙම හොදන්නත් යන්න එපා. නිකන් පිරිසිදු වතුරෙන් හොදලා හොදට අව්වේ දලා වෙලාලා අරන් තිබුනාම ඇති. සබන් දලා සේදුවොත් නැවත ආප්ප හදන්න ගියාම තාච්චියේ ආප්ප ඇලෙන්න ගන්නවා.
දැන් බලමු ඇලුමිනියම් තාච්චියක් පදම් කරන්නේ කොහොමද කියලා.
01 ක්‍රමය
🟡ඔයා ආප්ප හදන තාච්චියට ගොරකා කැලි 5ක් 6කුයි පොල් කුඩු ටිකකුයි වතුර දලා වැඩි ගින්දරේ විනාඩි 20ක් විතර හොදට තම්බලා ගන්න.
🟡වතුර දානකොට ටිකක් වැඩිපුර දාන්න. මේ වතුර ගොඩාක් අඩුවෙනකම්ම තම්බලා ගන්න. ඊලඟට වතුර ටික අයින් කරලා ගොරකා ටිකක් නිමුනාට පස්සේ ගොරකා වලින් මුලු තාච්චියම හොදට මදින්න.
🟡තාච්චියේ වටේ මැද හැම තැනම මැදලා එහෙම්ම විනාඩි 5ක් තියලා නැවතත් ඒගොරකා කැල්ලෙන්ම මැදලා ටිෂු එකකින් පිහිදලා ගන්න.
🟡තාච්චිය හොදට රත් කරන්න ඊටපස්සේ රත් උන තාච්චියට තලතෙල් මේස හැදි 4ක් විතර දලා තවත් රත් වෙන්න ටිකක් දිලා ඒ තෙල් වලින් ම තාච්චිය හැම තැනම තෙල් හොදට ගාන්න.
🟡කිහිප සැරයක්ම මේ විදිහට වටේට ම තෙල් අලේප කරලා මේ රත් උන තෙල්වලට බිත්තරයක් දලා බැදෙන්න දෙන්න.
🟡බිත්තරය හොදට බැදුනාම තෙල් ටිකයි බිත්තරයි මුලින් වගෙම තාච්චිය වටේට ගාන්න. මේ විදිහට ටික වෙලාවක් කරන්න. ලිප නිවලා තෙල් ටික හා බිත්තරය අයින් කරගන්න.
🟡මේ බිත්තරය විසි කරන්න එපා. ඔයා ආප්ප හදනකොට තල තෙල් චුට්ටකුත් දලා බැදපු බිත්තරය වටේ ගලා ආප්ප හදන්න තමයි තියෙන්නේ.
🟡ආප්ප හදන වේලාවෙම ඔයා ආප්ප තාච්චිය පදම් කරන්න. ආප්ප වලට රෙදි පොට්ටනියක් හදාගෙන එකෙන්ම තාච්චියත් පිරිසිදු කරන්න. දැන් ඔයාගේ තාච්චිය ආප්ප හදන්න ලැස්තියි. තල තෙල් පාවිච්චි කරන්න කරදරයක් නැතුව ගලව ගන්න පුලුවන්.
🟡මුලින්ම කිව්වා වගේම ආප්ප හදලා ඉවර උනාම තාච්චිය හොදටම නිවුනාම නිකන් වතුරෙන් විතරක් හොදන්න අමතක කරන්න එපා.
02 ක්‍රමය
🟡ගැලවෙන්නෙ නැති නෝමල් තාච්චියක් නම් සුමුදු වැලි කඩදාසියකින් තාච්චිය වටේට මැද බිත්තරයක් බැද ආප්ප සැදීමට ගන්න .