විට කන අය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක්
තම ඥාතින්, මිතුරන් හා පවුලේ සාමාජිකයන්ගේ දුම්කොළ, මධ්‍යසාර සහ බුලත්විට භාවිතය නතර කර දෙන මෙන් ඉල්ලා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට දුරකථන ඇමතුම් හත්දහස් හතළිස් නවයක් (7049) ලැබී ඇති බව වාර්තා වේ.
ඒ පසුගිය 2023 වසරේ අප්‍රේල් මාසයේ සිට 2025 මැයි මාසය දක්වා කාලය ඇතුළතයි.
ඒ අනුව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එම අධිකාරයේ කෙටි දුරකථන අංකය වන 1948 දුරකථන අංකයට දෛනිකව ඇමතුම් පනහක් පමණ මෙවැනි ඇබ්බැහිවීම් වළක්වා දෙන ලෙස ඉල්ලමින් ලැබෙන බව ප්‍රකාශ කළා.
එසේම ඔවුන් මෙම අංකයට ඇමතුම් ලබා දී වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාර මෙන්ම බුලත්විට කෑමට ද ඇබ්බැහි වී ඇති පිරිස් ඉන් වළක්වා දෙන ලෙසයි.
මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ මනෝ උපදේශකවරුන් විසින් උපදේශනලාභින් 1,404 දෙනකුට මේ වනවිට උපදේශනය ලබා දී ඇති බව වාර්තා වේ.
අඳාළ උපදේශනයන්ට අනුව මධ්‍යසාර, දුම්කොළ හා බුලත්විට කෑම පුද්ගලයන් 69 දෙනකු විසින් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවත් අනෙක් පිරිස එය නැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් එම අධිකාරිය පවසා සිටියි.
එමෙන්ම යම් අයකුට මෙම තත්ත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය නම් වහාම 1948 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.