ප්‍රබල අකුණු පිළිබඳව දරුණු නිවේදනයක්
By Mithu
පවතින වර්ෂාමය කාලගුණික තත්ත්වය මත ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් බවතින බවය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් මේ අනුව අකුණු මගින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පවසන පරිදි. එබැවින් සියලු දෙනා තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුවේ.