''මන්ත්‍රී නයන වාසල හැර අනෙක් හැමෝම මන්ත්‍රී වැටුප ගන්නවා ''සැගවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනා ගැන හෙළිදරව්වක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වි තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම හෙළි කිරීම සිදු කළේ, සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ඒ අනුව මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54,285ක දීමනාවක් ගෙවන ලබනු ලබයි මාසික සංග්‍රාහ දීමනාව ලෙස ගෙවනු ලබන්නේ රුපියල් 1,000 මුදලකි.
අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මෙනවිය සදහන් කළේ මාසික රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ගෙවනු ලබන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් රියදුරෙකු ලබාගතහොත්, එම මන්ත්‍රීවරයාට රියදුරු දීමනාවක් නොගෙවන බවයි.
දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක් ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ද ගෙවනු ලැබෙයි.
කාර්යාල දීමනාව රුපියල් ලක්ෂයකි
රැස්වීම් දීමනාව ලෙස දිනකට ගෙවනු ලබන මුදල රුපියල් 2,500කි. පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් සහ කාරක සභා දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවන බව අග්‍රාමාත්‍යවරිය සදහන් කර තිබේ.
පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ගෙවනු ඇත.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය පදනම් කරගනිමින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කරගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙළඳපොළේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවන බවයි .